විදෙස් රැකියා සඳහා ගිය පිරිස වැඩි වෙයි.

By Hashini Sep 04, 2023 07:40 AM GMT
Report

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ, වසරේ ගතවූ කාලසීමාව තුළ සිය ලියාපදිංචිය සහිතව විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බවයි.

එම කාර්යාංශය සඳහන් කළේ, ඊයේ (03) පස්වරු 6.00 වනවිට එලෙස පිටත්ව ගිය සංඛ්‍යාව දෙලක්ෂ 26 ක් පමණ වන බවයි.

පසුගිය වසරේදී ඉතිහාසයේ වැඩිම පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් තිබුණා.

එම සංඛ්‍යාව තුන් ලක්ෂ එකොලොස් දහසකි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරන්නේ, මේ වසරේදීත් ලක්ෂ තුනකට අධික පිරිසක් විදෙස් රැකියා සදහා පිටත්ව යනු ඇති බවටයි.