රට පුරා වැසි තත්ත්වයක් - සවස දෙකෙන් පසු කාලගුණයේ හදිසි වෙනසක් - ජනතාව දැනුවත් වෙන්න

Report

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති වන බවයි දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ.

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් දැනුම් දී තිබෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති වන බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකතනය කරන්නේ.

පාසල් දරුවන් වෙනුවෙන් සතියක විශේෂ වැඩසටහනක් - මෙන්න විස්තරේ

පාසල් දරුවන් වෙනුවෙන් සතියක විශේෂ වැඩසටහනක් - මෙන්න විස්තරේ

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.