පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකු නිරුවත් කර පහර දී ගමේ ඇවිද්දවූ සිද්දිය
By Sithumi
කොවිඩ් වසංගතය හේතුවෙන් විවිධ රැකියාවල නියුතු පුද්ගලයන් දැඩි ආර්ථික අපහසුතාවලට පසුගිය කාලයේ ලක්විය. ඇතැම් පුද්ගලයන්ට එදිනෙදා ආහාර සපයාගැනීමත් අසීරු මෙවන් කාලයකදී පොල් ගෙඩියක් සොරකම් කළ බව පවසමින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදුන් පුවතක් නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ එහිදී මෙම පුද්ගලයාට පොල් වත්තක පාලනාධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙලෙස පහරදී ඇති බවය.
එම අවස්ථාවේ අමානුෂික ලෙස පහදුන් පිරිස විසින් එම පුද්ගලයාගේ ඇඳුම් ඉවත්කර නිරුවතින් මාර්ගයේ ඇවිදීමට සැලැස්වූ බව ප්‍රදේශවාසීන් පැවසීය.
මෙම සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම පොල් වත්ත ඉදිරිපිට විරෝධතාවක නිරත විය. සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉදිරි නීතිමය පියවර ගැනීමට නිමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |