තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් අය කොටුවෙයි
Sri Lanka
Crime
Law and Order
Gun Shooting
Sinhala news
By Kaushi
පහුගිය දා තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ අඳාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙන් බව ද සඳහන් වේ.
ඒ අනුව අඳාළ සැකකරුවන් දෙදෙනා කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රකාශ කරයි.
එසේම ඔවුන් සතුව තිබිය දී T56 පතොරම් 13 ක් සහ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සොයා ගෙන ඇති බව ද පවසා ඇත.
පොලීසිය කියා ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 27 සහ අවුරුදු 37 අතර බවයි.
එමෙන්ම ඔවුන්ව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට හෙට, එනම් 3 වන දින ඉදිරිපත් කිරිමට නියමිත බව ද වාර්තා වේ.
