ඩෙල්ටා වලටවත් බිය නොවී පැවැත්වූ මල්වර උත්සවයෙන් 50ක් නිරෝධායනයට

Sri lanka covid 19 Corona virua
By Sithumi Aug 14, 2021 12:00 PM GMT
Sithumi

Sithumi

Report

නිරෝධායන රීති කඩකරමින් දැරියකගේ මල්වර උත්සවයක් සඳහා සහභාගීවී සිටි පවුල් 08 පුද්ගලයින් 50 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද (14) පියවරගෙන තිබේ.

නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක එම මල්වර උත්සවය සංවිධානය කර ඇත. මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා සඳහන් කළේ ඔවුන් පදිංචි නිවාසවලම එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බවය. මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබී තිබූ තොරතුරකට අනුව අදාළ නිවස වෙත නිලධාරීන් ගොස් තිබුණි.

එම අවස්ථාවේදී අදාළ උත්සවය පැවැත්වෙමින් තිබී ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ නොර්වුඩ් ප්‍රදේශයේ මේ වනවිට කොවිඩ් -19 අසාදිතයන් විශාල පිරිසක් හඳුනාගෙන ඇති බැවින් මෙවැනි උත්සව සංවිධානය කිරීම අවදානම් බවය