එක් පිරිසකට PCR පරීක්ෂන ඇරඹේ.
Sri lanka
covid 19
By Sithumi
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා රැපිඩ් PCR පරීක්ෂණ අද (14) සිට ගුවන්තොටුපොළේදීම සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ ගුවන්ගතවීමට අවම වශයෙන් පැය 04 කට පෙර ගුවන් මගීන් ගුවන්තොටුපොළ වෙත පැමිණිය යුතු බවය.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෞඛ්‍ය අංශ ගෙන ඇති තීරණවලට අනුව සියලු පුද්ගලයින් එරටට පැමිණීමට පෙර කොවිඩ් පරීක්ෂණ සිදුකරගත යුතුවේ.
ඒ අනුව ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ පහසුකම් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා අධිකාරිය මගින් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වාදෙයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |