අද සිට පී සී ආර් , ඇන්ටිජන් වැඩි මුදලට බෑ. ගැසට් නිවේදනය නිකුත් කරයි
Sri lanka
PCR
Antijen
gassate
By Sithumi
PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමනයට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.
ඒ අනුව පුද්ගලික අංශය විසින් සිදුකරන PCR පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 6,500ක් වන අතර ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා උපරිම ගාස්තුව රුපියල් 2,000ක් වේ.
මෙම ගැසට් නිවේදනය උල්ලංඝනය කරමින් කටයුතු කරන සිදුවීම් ඇත්නම් පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 ක්ෂණික අංකයට දැනුම්දෙන ලෙසද ජනතාවට දැනුම්දෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
