ජුනි 30 ට පෙර ධාවනය කර නොපෙන්නුවොත් මේ බලපත්‍රවලට වෙන්නේ මේකයි - ප්‍රවාහන නි. ඇමති දැනුම් දෙයි
බස් රථ බලපත්‍ර (පර්මිට්) 357 කට වෙච්ච දෙයක් නොමැති බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද (7) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම පර්මිට්වලට බස් රථ කිසිවක් ධාවනය කරා නොමැති බවත්, අඳාළ බලපත්‍ර නැවත භාරදී නොමැති බවත් ය.
එබැවින් එම පුද්ගලයින්ට ජුනි 30 දක්වා සහන කාලයක් ලබාදී ජුනි 30 ට පෙර බස් රථ ධාවනය කර පෙන්වන මෙන් දැනුම් දී ඇති බව ද සඳහන් කළා. නැතහොත් අඳාළ බලපත්‍ර ටෙන්ඩර් කරන බවද ඔහු පැවසුවා.
ඊට අමතරව බස් රථ ධාවනය කරගෙන යෑමට නොහැකි බව සඳහන් කර බලපත්‍ර 49ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට භාරදී ඇති බව ද සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා බලපත්‍ර 2568 කට අඳාළ බස් රථ මාර්ගවල විධිමත් ආකාරයට ධාවනය කෙරෙන බව ද සඳහන් කළා.