සිසුවියට කොහු මිටෙන් පහර දුන් විදුහල්පතිට ලබා දුන් දඩුවම

Ministry of Education Nuwara Eliya Sri Lanka
By Sewvandhi Sep 30, 2022 11:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් සිසුවියකට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන පරික්ෂණයකින් අනතුරුව කොටගල - පතන, බෝගහවත්ත සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහා ම ක්‍රියාත්මක වන පරිදි නුවරඑලිය කලාප අධ්‍යාප කාර්යාලයට මාරු කොට යවා තිබෙනවා.

අදාල විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකට විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දුන් බවට මාධ්‍ය මගින් අනාවරණය විමෙන් පසු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ විසින් සිද්ධිය පිළිබඳ පරික්ෂණයක් පවත්වා, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් ලබා දුන්නා.

එම පරික්ෂණය පැවැත්වෙන නිසා විදුහල්පතිවරයාව තාවකාලිකව නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයට මාරු කර තිබෙනවා. පහර කෑමට ලක් වූ පාසල් සිසුවිය මේ වන විට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරුවන් වාර්තා කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha