අද සිට විදෙස් ගමන් බලපත්‍රය ගන්න අයට විශේෂ දැනුම්දීමක්..

Hambantota Matara Sri Lanka Western Province Passport
By Aruna Jun 19, 2023 01:17 AM GMT
Aruna

Aruna

Report

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙල සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීම අද(19) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක මෙම කටයුතු සිදු කරන බවයි.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ, මෙහිදී සකස් කෙරෙන ගමන් බලපත්‍රය අයදුම්කරුගේ නිවස වෙත ලැබීමට සලස්වන බවයි.

විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමට පෙර අයැදුම් පත්‍රය පරීක්ෂාවකට ලක් කෙරෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දෛනිකව පුද්ගලයින් 765 කුගේ පමණ ඇඟිලි සලකුණු ලබා ගන්නා බවයි.

අයදුම්කරුවන්ට ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහතින් දැක්වෙයි.

කොළඹ – සීතාවක, හෝමාගම

ගම්පහ – මීගමුව, මීරිගම, ගම්පහ

ගාල්ල – කරන්දෙනිය, අක්මීමන, නෙළුව

හම්බන්තොට – තංගල්ල, තිස්සමහාරාමය

කළුතර – ඉංගිරිය, මතුගම, පානදුර

මාතර – අතුරලිය, දෙවිනුවර.

කුරුණෑගල – පු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය

මාතලේ – නාවුල

මහනුවර – ගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය

කෑගල්ල – ගලිගමුව, රුවන්වැල්ල

පුත්තලම – පුත්තලම, හලාවත.

අම්පාර – සමන්තුරේ, පොතුවිල්

අනුරාධපුර – කැකිරාව, නුවරගම් පළාත මධ්‍යම, හොරොව්පතාන

බදුල්ල – මහියංගනය, හපුතලේ

මඩකළපුව – කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි.

නුවරඑළිය – අඹගමුව, වලපනේ

පොලොන්නරුව – ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ

රත්නපුර – බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය

යාපනය – චාවකච්චේරි, පේදුරුතුඩුව

කිලිනොච්චිය – කරච්චි.

මොනරාගල – බුත්තල

මන්නාරම – මන්තායි බටහිර

ත්‍රිකුණාමලය – කින්නියා

මුලතිව් – මුලතිව් වව්නියාව – වෙංගලසෙට්ටිකුලම.

මේ අතර මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැනුම්දීමකට අනුව, මහජනතාවට පහත ආකාරයට මාර්ගගත ක්‍රමය හරහා ගමන් බලපත්‍ර ලබා ගත හැකිය.

01. මුලින්ම මෙම වෙබ්අඩවිය  www.immigration.gov.lk වෙත පිවිසෙන්න.

02. ඔබගේ පුද්ගලික ජංගම දුරකථනයට යවන ලද මුරපදය ඇතුළත් කරන්න.

03. ඔබගේ මුල් ලේඛනවල ස්කෑන් කරන ලද පිටපත් උඩුගත කරන්න.

04. ඔබේ ඇඟිලි සලකුණ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දෙන්න.

වැඩිදුර විමසීම් අවශ්‍ය නම් 0112 101500 අංකයෙන් බලධාරීන් අමතන ලෙස ඉල්ලා ඇත.