පාස්පෝට් නිකුත් කිරීම සම්බන්දයෙන් නිවේදනයක්..

By Sithumi Nov 08, 2022 02:09 PM GMT
Sithumi

Sithumi

Report

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටින පුද්ගලයින් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. 

පරිගණක පද්ධතියේ අද (08) හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්වී ඇති බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව හෙට (09) උදෑසන සිට යළි විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

  පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද දහවල් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.