පාස්පෝට් ගන්න යන අයට විශේෂ නිවේදනයක්.

Sri Lanka Department of Immigration & Emigration Passport
By krishani May 22, 2023 07:33 AM GMT
krishani

krishani

Report

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනාට අපහසුතාවයකින් තොරව අවශ්‍ය සේවාව ලබාදීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා.

අද (22) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය ඒ සම්බන්ධයෙන් පවසා සිටියේ ය.

මේ අතර ගිය සතියේ පැවති තදබදය මේ වනවිට පහව ගොස් ඇති අතර සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව කිසිදු අවස්ථාවක තැරැව්කරුවන්ට හසුවෙන ලෙස කටයුතු නොකරන ලෙස ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වනවිට ප්‍රාදේශීය කාර්යාල තුළ ද එක්දින සේවය ස්ථාපිත කර ඇති නමුත් ජනතාව බොහෝ අවස්ථාවලදී ප්‍රධාන කාර්යාලයට පමණක් පැමිණීම හේතුවෙන් මෙලෙස දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join