රෝහිතගේ දුව අද මහේස්ත්‍රාත් අධිකරණයට

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන අද (31) දින මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඇය ඊයේ (30) දින වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට නීතිඥයෙක් සමග පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

අඳාළ අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ නීති විරෝධීව රටට ආනයනය කරන ලද මෝටර් රථයක් පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය පිළිබඳවයි.

ඉකුත් 19 වන දින මතුගමදී, ව්‍යාජ ආකාරයට ලියාපදිංචි කරන ලද එම නීති විරෝධි රථය මාර්ගයේ ධාවනය කරමින් සිටියදී, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයෙන් අත්පත් කර ගෙන ඇත.

මගීන්ට තවත් පහසුවක් - බස් සේවා පැමිණිලි සඳහා WhatsApp අංකයක් නිකුත් වෙයි

මගීන්ට තවත් පහසුවක් - බස් සේවා පැමිණිලි සඳහා WhatsApp අංකයක් නිකුත් වෙයි

එහිදී රථය පැදවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේගේ පුත්‍රයාද අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත් පොලිසිය මගහරිමින් සිටි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය රොෂල් අබේගුණවර්ධන ඊයේ (30) දින වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට නීතිඥයෙක් සමග පැමිණ භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලාංකිකයන්ට තවත් සුබ ආරංචියක්, මේ රටට නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා

ලාංකිකයන්ට තවත් සුබ ආරංචියක්, මේ රටට නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා