මගී යාත්‍රාවක් ගල්පරයක ගැටී බිහිසුණු අනතුරක්

Report

දකුණු කොරියානු මගී නෞකාවක් දරුණු අනතුරකට ලක්ව තිබේ.

ඒ අනුව අද (19) පස්වරුවේ එරට ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ගල්පරය ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරත් සමග ගලවාගැනීම් කඩිනම්ව සිදුවීම හේතුවෙන් එහි සිටි මගීන් 246 දෙනාගේම දිවි බේරාගැනීමට හැකි වූ වෙරළාරක්ෂක බළකාය පවසයි.

ජෙජු නම් නිවාඩු නිකේතනයේ සිට මොක්පෝ වරාය නගරය වෙත ගමන් කරමින් සිටි ක්වීන් ජෙනුවියා 2 නම් නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇත.

කන්ටේනර් නිදහස්කිරීම ගැන හොයන්න තේරීම් කාරක සභාවක්

කන්ටේනර් නිදහස්කිරීම ගැන හොයන්න තේරීම් කාරක සභාවක්

අනතුරත් සමග නෞකාව සිරවී ඇති වුවත්, එය ගිලී යාමේ හෝ පෙරළීමේ අවදානමක නොමැති බව සඳහන් වේ.

දකුණු කොරියානු අගමැති කිම් මින්-සොක් ද නියෝග පරිදි නෞකාවේ පිරිස් බේරාගැනීම සඳහා ඇති සියලුම යාත්‍රා යොදවා ඇත. ටොන් 26,000ක් බරැති මෙම නෞකාවේ මගීන් 246 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 සිටි බව සඳහන්.

ගුරු පුරප්පාඩු 290ක් මෙන්න

ගුරු පුරප්පාඩු 290ක් මෙන්න