වෙබ් අඩවියෙන් ගැලවුණු ලාල් කාන්තගේ වත්කම් ප්‍රකාශය - හේතුව කුමක්ද?

Report

පසුගිය ආණ්ඩු සමයේ තමන් විසින් ගෙන ආ නව නීති අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ ලේඛනයක් බවත්, ඒවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සිය වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට එක් කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇති අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තුව මගින් කොමිසමට භාර දුන්නද, එය කොමිසමේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර නොමැති බවය.

ඇමති ලාල්කාන්තගේ කෝටි 46කට අධික වත්කම් බැරකම් එළියට

ඇමති ලාල්කාන්තගේ කෝටි 46කට අධික වත්කම් බැරකම් එළියට

එමෙන්ම, අමාත්‍යවරයාගේ සුපිරි නිවස සම්බන්ධයෙන් පළ වූ ප්‍රචාරයන්ට සමගාමීව එම වත්කම් ප්‍රකාශය වෙබ් අඩවියෙන් ඉවත් කර ඇති බවට ඇතැමුන් පවසන බවද ඔහු සඳහන් කරයි.

ඒ අනුව, මෙම තත්ත්වය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වහාම පැහැදිලි කිරීමක් කළ යුතු බවද සංජීව එදිරිමාන්න අවධාරණය කරයි.

බොරතෙල් බැරලයට ඩොලර් 286ක් ගෙවූ කතාවේ ඇත්ත නැත්ත එළියට..

බොරතෙල් බැරලයට ඩොලර් 286ක් ගෙවූ කතාවේ ඇත්ත නැත්ත එළියට..