ඉරණවිල වෙරළ තීරයේ කොටසක් මුහුදට හේදිලා

Latest Headlines Sinhala news
By Mithu May 18, 2025 04:05 AM GMT
Mithu

Mithu

Report

හලාවත ඉරණවිල වෙරළ තීරයේ මීටර 700 ක පමණ කොටසක් වෙරළ ඛාදනයට ලක්ව ඇතැයි අනාවරණය වී තිබේ. ඒ, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් කළ පරීක්ෂාවකදී ය.

විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි

විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි

අදාළ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂාවක් කරන බව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය. ඉන් සිදුවිය හැකි හානි තක්සේරුව ද, මේ වන විට ආරම්භ වී තිබේ.

දේශගුණික විපර්යාස, වෙරළ ඛාදනය කෙරෙහි බලපා ඇතැයි ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, වැලි කොට්ට අතුරා එය පාලනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

වැඩ වර්ජනය අසාධාරණයි ! ප්‍රවාහන අමාත්‍යංශය හේතු කියයි

වැඩ වර්ජනය අසාධාරණයි ! ප්‍රවාහන අමාත්‍යංශය හේතු කියයි

ReeCha