තවත් භයානක රෝගයක් - රෝගීන් විශාල ප්‍රමාණයක්.. මෙන්න මේ රෝග ලක්ෂණ තමයි පෙන්නන්නේ..
World Health Organization
Latest Headlines
By krishani
පසුගිය සමයේ පැවති කොරෝනා වසංගතය නිසා ලෝකයේ විශාල මරණ ප්‍රමාණයක් සිදු විය.
නමුත් මේ වන විට ගිරා උණ රෝගය වාර්තා වේ.
ඒ හේතුවෙන් මේ වන විට යුරෝපයේ 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
මෙම ගිරා උණ psittacosis ලෙස ද හැඳුන්වන අතර නිවසේ ඇති කරන පක්ෂීන්ගේ පිහාටු සහ වියළි මළ මුත්‍රා අංශු ආග්‍රහනය වීම නිසා වැළඳෙයි.
එය ආසාදනය වූ පුද්ගලයින්ට කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව සහ පපුවේ වේදනාව ඇතුළු නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය.
එමෙන්ම, උණ, මාංශ පේශි කැක්කුම, හිසරදය සහ ආමාශ රෝග ලක්ෂණ ද පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ඔස්ට්‍රියාව, ජර්මනිය සහ ස්වීඩනය වැනි රටවලින් ද රෝගීන් විශාල සංඛ්‍යාවක් සොයාගෙන ඇති බවයි.
