අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තුවේ වැඩ ඇරඹෙන්නේ මෙහෙමයි - ජනවාරි 6 ඉඳන්

Report

2026 නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 6 සිට 9 දක්වා රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව 2026 ජනවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අඳාළ පාර්ලිමේන්තු කටයුතු අද (31) දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසයි.

එබැවින් 2026 ජනවාරි 6 වැනි අඟහරුවාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

එහිදී පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පසුව පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ අංක 2371/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ අංක 2428/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගැනීමට නියමිත බව සඳහන්.

අනතුරුව ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ 2025.12.28 දිනැති අංක 2468/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ප්‍රකාශනයට අඳාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී ඇත.

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මතයි

මෙම යෝජනා සම්මතය විවාදයට ගැනීමට වෙන්කළ කාලය ප්‍රමාණවත් නොවන බවට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී කාරක සභාවට දැනුම් දී තිබුණා.

එමෙන්ම මෙදින ප.ව 5.30ට න්‍යාය පුස්තක අංක 3හි දින නියමයක් නොමැතිව සඳහන් කර ඇති පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ස්ථාපිත කිරීමට අදාළ යෝජනා සම්මතය ද අනුමතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

2026 ජනවාරි 7 වැනි බදාදා පෙ.ව 9.30 පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. එය පෙ.ව 10.00 – 10.30 කාලය අග්‍රමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද පෙ.ව 10.30 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද වෙන් කර තිබෙනවා.

“අපේම පක්ෂයේ කෙනෙක් අද ඡන්දයට ආවේ නැහැ ඊයේ ඉඳන්ම ෆෝන් ඔිෆ් කරගෙන “ මුජිබර් අයවැය ගැන කට අරියි

“අපේම පක්ෂයේ කෙනෙක් අද ඡන්දයට ආවේ නැහැ ඊයේ ඉඳන්ම ෆෝන් ඔිෆ් කරගෙන “ මුජිබර් අයවැය ගැන කට අරියි

අනතුරුව පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පසුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් නියමිත වී ඇත.

ඉන්පසු ප.ව 5.00 ‍ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා. එසේම ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත.

2026 ජනවාරි 8 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

මාලිමාව නියෝජනය කරන ලොක්කෙක් හිටි හැටියේ ඉල්ලා අස් වෙයි - හේතුව මෙන්න

මාලිමාව නියෝජනය කරන ලොක්කෙක් හිටි හැටියේ ඉල්ලා අස් වෙයි - හේතුව මෙන්න

පසුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා (203 අධිකාරියවූ) මෝටර් වාහන පනත යටතේ අංක 2455/29 සහ අංක 2452/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් විවාදයට ගැනීමට නියමිතයි.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ‍ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම 2026 ජනවාරි 9 වැනි සිකුරාදා පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙන බව වාර්තා වේ.

තවද පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පසුව පෙ.ව 11.30 සිට ප.ව 3.00 දක්වා (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ ( සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගය විවාදයට ගැනීමට තීරණය වී ඇත.

ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2465/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමටත් නියමිත බව වාර්තා වේ.

ඉන්පසු ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙන බව සඳහන්.

වහාම ඉල්ලා අස්වෙන්න..හය වසරේ මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවිය නිසා හරිනිගේ FB පිටුව වැනසෙයි

වහාම ඉල්ලා අස්වෙන්න..හය වසරේ මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවිය නිසා හරිනිගේ FB පිටුව වැනසෙයි