ගුවන්සේවා ක්ෂේත්‍රය වාර්තාගත ලෙස ඉහළට
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසන ආකාරයට 2024 ජනවාරි - නොවැම්බර් කාලයට සාපේක්ෂව 2025 ජනවාරි - නොවැම්බර් කාලය තුල ගුවන්සේවා ක්ෂේත්‍රය තුල පිබිදීමක් පෙන්නුම් කර ඇත.
එමෙන්ම 2025 ජනවාරි - නොවැම්බර් කාලය තුල ජාත්‍යන්තර ගුවන් මගී හැසිරවීම් ( International passenger movement) මිලියන 9.23 ක් සිදු කර ඇති අතර එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 15.20% ක වැඩි වීමක් බව වාර්තා වේ.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට 2025 ජනවාරි - නොවැම්බර් කාලය තුල ජාත්‍යන්තර ගුවන් යානා හැසිරවීම් 58 454 ක් සිදු කර ඇති අතර එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 14.64% ක වර්ධනයක් වේ.
2025 ජනවාරි - නොවැම්බර් කාලය තුල ගුවනින් සංචාරකයින් මිලියන 2.1 ක් පමණ පැමිණ ඇති අතර එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 16.73% ක වර්ධනයකි.
නව රජය පත්වීමත් සමඟ ගුවන්සේවා ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර අමාත්‍යවරුන්ගේ මඟ පෙන්වීම යටතේ කළමණාකාරීත්වයේ සහ සේවක මහතුන්ගේ කැපවීම මත මෙම කඩයිම් පසු කිරීමට හැකි වීම ශ්‍රී ලංකීය ගුවන්සේවා ක්ෂේත්‍රයේ පුනරුදයක පෙර මඟ ලකුණු පෙන්නුම් කරනු ලබන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.