නැඟී එන ජනප්‍රිය නිළියක් සිය දිවිනසා ගෙන - රසිකයින් කළඹපු ලියුමේ තිබ්බ මැරුණු හේතුව මෙන්න

Report

කන්නඩ සහ දෙමළ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නැගී එන නිළියක වන නන්දිනී සී.එම්. ඉන්දියාවේ බෙන්ගලූරුහි පිහිටි ඇයගේ නිවසේදී සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මියයන විට ඇය ප්‍රමුඛ පෙළේ දෙමළ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිටි බව සඳහන්.

ඇයගේ දේහය අසල තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇති ලිපියක, ඇය මෙම තීරණය ගැනීමට හේතු වූ කරුණු කිහිපයක් සඳහන් කර ඇති බව පවසයි.

ඒ අනුව තමා මානසිකව සූදානම් නොමැති අවස්ථාවක විවාහ වන ලෙස දෙමාපියන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම මීට ප්‍රධාන හේතුවක් බව ඇය එම ලිපියෙන් සඳහන් කර ඇත.

එසේම විවාහය පිළිබඳ පීඩනයට අමතරව, වෙනත් පෞද්ගලික කරුණු කිහිපයක් හේතුවෙන් තමා දැඩි ලෙස විෂාදයට (Depression) ලක්ව සිටි බවත් ඇය දක්වා ඇත.

ලොවක් දන්න සුපිරි නළු තලපති විජේට අන්තිම තත්ත්පරේ වෙච්ච දෙයක් - දෙනෝ දාහක් මැද වැටිලා

ලොවක් දන්න සුපිරි නළු තලපති විජේට අන්තිම තත්ත්පරේ වෙච්ච දෙයක් - දෙනෝ දාහක් මැද වැටිලා

මේ අතර බෙන්ගලූරු පොලිසිය පවසන්නේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, ඇයගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් පවතින බවත් ය.

එමෙන්ම ඇය මෑතකදී රඟපෑ දෙමළ ටෙලි නාට්‍යයක ඇයගේ චරිතය වස පානය කරන දර්ශනයක් තිබීම නිසා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතාබහ නිර්මාණය වී ඇතත්, රංගනය සහ ඇයගේ සැබෑ මරණය අතර කිසිදු සම්බන්ධයක් මෙතෙක් හෙළි වී නොමැති බව බලධාරීන් අවධාරණය කරයි.

ජනප්‍රිය නිළියගේ පැටිකිරිය එළියට - බොරු ලේබල් ගහලා හෙයා ඔයිල් එකක් විකුණලා

ජනප්‍රිය නිළියගේ පැටිකිරිය එළියට - බොරු ලේබල් ගහලා හෙයා ඔයිල් එකක් විකුණලා

හැඩකාර කට කටකාර සංජානගෙ විවාහයත් දෙදරයි - ඇය ප්‍රසිද්ධියේම හේතුවත් කියයි

හැඩකාර කට කටකාර සංජානගෙ විවාහයත් දෙදරයි - ඇය ප්‍රසිද්ධියේම හේතුවත් කියයි