වසර ගණනක තැපැල් සේවයට තිත
By Ashfa
ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය නිවේදනය කර ඇත්තේ වසර 400ක් පැරණි ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය වන 'PostNord' ඊයේ (30) සිට බලපැවැත්වෙන පරිදි එරට තුළ තැපැල් ලිපි බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවයි.
එම නිවේදනයට අනුව තැපැල් ලිපි බේදාහැරීම නවතා දැමූ ලොව පළමු රට බවට ඩෙන්මාර්කය බවට පත්ව ඇත. 2000 වසරේ සිට එරට තුළ ලිපි බෙදාහැරීම් 90%කට වඩා පහතවැටීම හේතුවෙන් හා රට තුළ අන්තර්ජාලය හරහා පාර්සල් සේවා බෙදාහැරීම් වැඩිදියුණු සිය ආයතනයේ ලාබ උපරිම කරගැනීමට ඔවුන් සැලසුම්කර කරමින් මෙම පියවර ගෙන ඇත.
මෙම තීරණය ක්‍රියාවන නැංවීමත් සමග ඩෙන්මාර්කය පුරා තැපැල් පෙට්ටි 1,500ක් පමණ ඉවත් කර ඇති අතර, සේවකයින් 4,600න් 1,500ක් පමණ සේවයෙන් පහ කිරීමටද නිවේදනය කර ඇත.