අද 6න් පස්සේ අහිතකර තත්ත්වයක් - මේ ප්‍රදේශවල අය පරිස්සම් වෙන්නැයි දැනුම් දෙයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය යහපත් මට්ටමක පැවතියද ප්‍රදේශ කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය (Air Quality) අද දිනයේ පහත වැටී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය අද පස්වරු 06.02 ට සටහන්ව තිබුනේ 113.0ක් වශයෙන්. එසේම වව්නියා දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය සටහන් වී තිබුණේ 78.0ක් වශයෙන්.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සඳහන් කළේ පසුගිය දිනෙක වාතයේ ගුණාත්මකභාවය "සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර" මට්ටමක පවතින බවයි.
එබැවින් කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් වැනි සංවේදී කණ්ඩායම් මෙම ප්‍රදේශවලදී වඩාත් ප්‍රවේශම් විය යුතු බව එම සංවිධානය පවසයි.