පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවාහරියි..!!එහි ඇත්ත නැත්ත මෙන්න..

Report

මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට මේ වන විට විවිධ වාර්තා පළවෙමින් පවතී.

ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවට බොහෝ වාර්තා වල දැක්වෙයි.

තව සති දෙකයි..මේ ග්‍රහලෝක පෙළපාලිය නම් මගහරවා ගන්න එපා..

තව සති දෙකයි..මේ ග්‍රහලෝක පෙළපාලිය නම් මගහරවා ගන්න එපා..


එහෙත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරන්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මෙතෙක් සාකච්ඡාවක් සිදුව නොමැති බවයි.

පසුගිය පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

පාර්ලිමේන්තුව ඉදිරි සතියේ රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය මේ වනවිට සකස් කර ඇත.

ඒ අනුව ලබන 22 හදිසි පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි, ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. කොටස් වෙළඳ පොළේ එකවරම කඩා වැටීමක්.

යළි ඩොලරය එකවරම ඉහළ නගී..රුපියලට සිදු වූ දේ මෙන්න..

යළි ඩොලරය එකවරම ඉහළ නගී..රුපියලට සිදු වූ දේ මෙන්න..


මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටිනවා.

මෙම වසර තුළ මුදල් වෙන්කර ඇති මැතිවරණය ජනාධිපතිවරණය පමණක් බව පැවසූ ඔහු එසේ තිබියදී මෙවන් කූඨ අසත්‍ය ප්‍රකාශ වලට නොරැවටෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තුව අමතමින් .