තව සති දෙකයි..මේ ග්‍රහලෝක පෙළපාලිය නම් මගහරවා ගන්න එපා..

United States of America Astrology NASA World Technology
By Piyumika May 15, 2024 05:46 AM GMT
Piyumika

Piyumika

Report

පෘථිවියේ දක්ෂිණ අර්ධ ගෝලයේ වාසය කරන ජනතාවට සුවිශේෂී අවස්ථාවක් හිමි වී තිබේ.

ඒ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 6ක් එක රේඛාවක සිට පිහිටනු දැකීමේ සුවිශේෂී අවස්ථාවයි.

ඒ අනුව මැයි 28 වනදා සිට ජූනි 06 වනදා දක්වා බ්‍රහස්පති, බුද, අඟහරු, සහ සෙනසුරු එක පෙළට පියවි ඇසින් දැකීමට හැකිවන අතර, යුරේනස් සහ නෙප්චූන් ග්‍රහ ලෝකයද දුරදක්නයකින් බලාගත හැකිවේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂ වෙනස්කම් රැසක් ගැන අලුත්ම දැනුම්දීම මෙන්න..

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂ වෙනස්කම් රැසක් ගැන අලුත්ම දැනුම්දීම මෙන්න..


මෙය මේ වසරේ දක්නට ලැබෙන දෙවන ග්‍රහලෝක පෙළපාලිය වන අතර එය අවසන් වරට දර්ශනය වූයේ පසුගියද‍ා පැවති සූර්යග්‍රහණ අවස්ථාවේදිය.

තාරකා විද්‍යාඥයන් ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට ලබන 28 වනදාත්, ටෝකියෝ සහ ඇතන්ස් හිදී ජූනි 2 වැනි දිනටත් එය දැකගත හැකි වනවා සේම ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිටින අයට ලබන 28 සහ ජූනි 6 අතර අවම වශයෙන් පෙළපාලියේ කොටසක් දැකගත හැකි වනු ඇති බවයි.

විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම නතර කිරීමක් ගැන කියයි..කමිටු සභාපතිගෙන් දැනුම්දීමක්..

විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම නතර කිරීමක් ගැන කියයි..කමිටු සභාපතිගෙන් දැනුම්දීමක්..


අමෙරිකාවේ නිව්යෝක්, බ්‍රසීලය, මෙක්සිකෝ, අබුඩාබි, හොංකොං, ඇතන්ස් සහ ටෝකියෝ වාසීන්ටත් එම අවස්ථාව දැක බලා ගැනීමට වාසනාව ඇත.

ReeCha