පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයක්...එහි ප්‍රතිඵලයෙන් සිදු වූ දේ මෙන්න(UPDATE)
Update
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව විවාදය ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් අද (23) පාර්ලිමේන්තුවේ දී පවත්වනු ලැබුවා.
එහි දී ඊට පක්ෂව ඡන්ද 83 ක් හිමි වූ අතර විරුද්ධව හිමි වූ සංඛ්‍යාව ඡන්ද 50 ක්.
ඒ අනුව අදාළ පනත දෙවනවර කියවීමේ විවාදය අද(23) සහ හෙට(24) පැවැත්වීම සඳහා අනුමැතිය හිමි වූයේ වැඩි ඡන්ද 33කින්.
ඒ අනුව මීට අදාළ විවාදය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ආරම්භ කර තිබේ,
.....................................................................................
විදුලි බිලක් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..(UPDATE)
පාර්ලිමේන්තුව සිය විදුලි බිල සෑම මාසයකම අඛණ්ඩව ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.
ඒ, පාර්ලිමේන්තුව කෝටි හතක විදුලි බිලක් ගෙවීම පැහැර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු ලබා දෙමින්.
ඔහු අවධාරණය කර සිටියේ, ජනාධිපති ලේකම් කාර්යාලයත් කිසිදු හිඟ මුදලකින් තොරව විදුලිය බිල ගෙවා ඇති බවයි.
පාර්ලිමේන්තුවේ සියලු දෙනාට අගෞරවයක් ඇති වන ආකාරයේ ප්‍රකාශක් සිදු කළ රංජන් ජයලාල් නමැති පුද්ගලයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවන ලෙසට, කංචන විජේසේකර මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.
............................ .....................................
අද පාර්ලිමේන්තුව විශේෂ වෙයි..හදිසියේම ගත්ත තීරණය මෙන්න.(LIVE)
අද(23) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මේ අතර, ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන පක්ෂ නායක රැස්වීමක් සඳහා, පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තබනු ලැබුවා.
අද පාර්ලිමේන්තුවේ සජීවි දර්ශන පහතින් නරඹන්න,
මේ අනුව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (23) සහ හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මෙම සතියේදී පැවැත්වීමට පසුගිය සතියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය වසරේ සැප්තැම්බර් 23 වනදා ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරුණා.