හෙට දින පාර්ලිමේන්තුවේ සිදුවන විශේෂ කටයුත්ත..
09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය හෙට (03) දින පෙරවරු 10.30ට උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කොට එහි මුලසුන දරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එහිදී සම්ප්‍රදායානුකූලව සිදුකෙරෙන ආචාර වෙඩිමුර, හමුදා ආචාර කිරීම් සහ අශ්වාරෝහක කණ්ඩායම් යෙදවීම සිදුනොකරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන කටයුතු අංශය සඳහන් කළේ ය.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී ජනපති ධජය නොමැතිව ජාතික ධජය පමණක් එසවීමට නියමිතව ඇති අතර හෙට පැවැත්වෙන නව සභාවාරය ආරම්භ කිරීමේ උත්සවයට අදාළ පෙරහුරු වැඩසටහනක් අද (02) දින පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |