අද පාර්ලිමේන්තුවේ විශේෂ දෙයක් වෙයි..මන්ත්‍රීවරුන් 50කට කරන්න යන දේ මෙන්න..

Sri Lanka Parliament Mahinda yapa Mahinda Rajapakshe Dinesh gunawardhane
By Aruna Nov 08, 2021 02:20 AM GMT
Aruna

Aruna

Report

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 50ක් සඳහා අවස්ථාව ලබාදීම අද (08) විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීමෙන්,, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා මෙසේ අවස්ථාව ලබා දීමට තීරණය කෙරුණේ පසුගිය 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට පමණක් විශේෂ පාර්ලිමේන්තු දින 2ක් වෙන් කිරීමට, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට යෝජනා කෙරුණා.

ඒ අනුව මීට පෙර පැවති පාර්ලිමේන්තු සභා වාරයේදී (04) වැනි සඳුදා දින විශේෂ පාර්ලිමේන්තු දිනයක් ප්‍රකාශ කළ අතර, එහිදී මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න 40ක් සඳහා අවස්ථාව ලබා දුන්නා.

මේ අතර, අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී යොමු කිරීමට නියමිත ප්‍රශ්න අතර, අග්‍රාමාත්‍යවරයා,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික ,මහාමාර්ග, ධීවර, කර්මාන්ත, ඉඩම්, බලශක්ති, වැවිලි, තරුණ හා ක්‍රීඩා යන අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න 02 බැගින් විමසෙනු ඇති. එක් ප්‍රශ්නය බැගින් ආරක්ෂක , වාරිමාර්ග, විදේශ, ප්‍රවාහන, විදුලිබල, වෙළෙඳ, ජනමාධ්‍ය, පරිසර ,සංචාරක හා අධිකරණ අමාත්‍යවරුන්ගෙන් ඇසීමට නියමිත අතර, ප්‍රශ්න 03 බැගින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයාගෙන් ද, මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 04ක් ද, රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 05ක් සහ ප්‍රශ්න 06ක් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ද මෙහිදී විමසීමට නියමිතයි.

ඒ අනුව මෙම කැබිනට් අමාත්‍යවරුන් වෙත ප්‍රශ්න යොමුවී ඇති අතර වැඩි ම ප්‍රශ්න සංඛ්‍යාව වන ප්‍රශ්න 06ක් යොමු වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යවරයා වෙතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha