ලබන සතියේ පාර්ලිමේන්තුවේ විශේෂ දෙයක් වෙයි..

Sri Lanka Parliament Political Dinesh gunawardhane Jonstan Fernando
By Aruna Sep 30, 2021 05:27 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තුව ඉදිරි සතියේ සෑ ම දිනකම රැස්වීමට තීරණය කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේ ලබන මස හතර වැනි දා සිට අට වැනි දා දක්වා මෙලෙස පාර්ලිමේන්තුව රැස්වන බවයි.

ඒ අනුව ලබන හතර වැනි දා වාචික ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

මේ අතර අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊට අදාළ විසදුම් ඉදිරිපත් කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now