ප්‍රභලයකු ඇමතිකමෙන් හා මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වෙයි.. හේතුව මෙන්න.

Sri Lanka Parliament Mahinda Rajapakshe Ajithi niwad kabral
By Aruna Sep 07, 2021 04:50 AM GMT
Aruna

Aruna

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

නැවතත් මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නැයි රජය විසින් ඒ මහතාට කරන ලද ආරාධනයක් පිළිගැනීමට ඔහු මෙසේ ඉල්ලා අස්වනු ඇතැයිද එම වාර්තා කියා සිටියි.

දැනට මහ බැංකුවේ අධිපති ධුරය දරන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා පත් වනු ඇති බවද එහි සඳහන්ය.

වත්මන් මහ බැංකු අධිපතිවරයා සිය තනතුරෙන් ඉවත් වීමත් සමගම කබ්රාල් මහතා දැනට දරන තනතුරින් ඉවත් වන බව රජයට මේ වන විටත් දැනුම් දී ඇතැයි එම වාර්තාව වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර කොවිඩ් කමිටුවෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉල්ලා අස්වෙයි මේ අතර කොවිඩ්-19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් IDH රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ඒ පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමට පත් නොවන බැවින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එවැනි තත්ත්වයක් මත තමන් තවදුරටත් කොවිඩ් මර්දන හා පාලනය කිරීමේ තාක්ෂණික කමිටුවේ රැඳී සිටීම ප්‍රතිඵල දායක නොවන බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කර තිබෙනවා

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now