හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 03කට රතු එළි දැල්වෙයි..කරන්න යන දේ මෙන්න.
Police
Sri Lanka
Parliament
By Aruna
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් අද(15) වරෙන්තු නිකුත් කළා.
නඩු කටයුත්තක් සඳහා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් මෙලෙස වරෙන්තු නිකුත් කෙරුණා.
2016 පෙබරවාරි 6 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේ මහජන පීඩාවක් ඇතිවන අයුරින් බෞද්ධාලෝක මාවත සහ හැව්ලොක් මාර්ගය අවහිර වන පරිදි විරෝධතා සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
එම නඩු විභාගය අද පැවතී අතර එම නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 7 වැනි දා කැඳවීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |