පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ [LIVE]
Parliament of Sri Lanka
Latest Headlines
Sinhala news
SriLanka News - Gagana
Colombo politics heat up
By Shehan
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද (03) ආරම්භ විය. පාර්ලිමේන්තුව මෙම සතියේ ලබන 6 වන දින දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කර
අද දිනයේ පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට සැලසුම් කර ඇත.
හෙට (04) දිනයේ අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවෙන් පසු තෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, දූෂණ විරෝධී පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට ද සැලසුම් කර ඇත.
ජුනි 5 වන බ්‍රහස්පතින්දා දින ජාතික ගමනාගමන මණ්ඩල කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, ජුනි 6 වන දින අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකු සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.
