අද විපක්ෂයේ ලොක්කෝ රැසක් විශේෂ සාකච්ඡාවක් - හේතුව මෙන්න
මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය පිළිබඳව විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) දින පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිත බව සඳහන්.
ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දෙමළ ප්‍රගතශ්‍රීගලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කර ඇත.
එසේම මාර්තු මාසයේ පළමු සතිය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය අද දින පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතයි.
එහිදී විදේශ විනිමය පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිත අතර විපක්ෂය විසින් ගෙන එනු ලබන කල්තබන අවස්ථවේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතව තිබෙනවා.
එසේම හෙට (04) දිනයේදී ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අදිකාරිය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කළේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල්තැබීමේ විවාදයක් ලබන 5 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.