අද පාර්ලිමේන්තු පැමිණි අයෙකුට කොරෝනා..09ක් නැවත හරවා යවයි.

Covid Mahinda yapa Mahinda Rajapakshe Sri Lanka parliament 2022 budget
By Aruna Nov 12, 2021 05:56 AM GMT
Aruna

Aruna

Report

2022 ඇයවැය ආවරණ කටයුතු වලට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්පැමිණි නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන් ඔහු සමග පැමිණි 09 දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලු නොකර යළි හරවා යවා ඇති බව වාර්තා වනවා.

මේ අතර නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලබන වසර සඳහා රජයේ ආදායම් සහ වියදම් ඇතුළත් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම පස්වරු දෙකට ආරම්භ වනු ඇති.

එසේම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ දෙවන අයවැය ලේඛනයයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය සෙනසුරාදා ආරම්භ වී දින 7ක් පැවැත්වෙන අතර, දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනි දා සිදු කෙරෙනු ඇති.

2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝම්බර් 7 වැනි දා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම වන්නේ රුපියල් බිලියන 5,128ක්.

අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අද සිට අයවැය විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනි දා තෙක් කාලය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.

අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන අතර, රාජ්‍ය නිලධාරීන් සිමීත පිරිසකට පමණක් අයවැය කාරක සභාවට සහභාගි වීමට අවසර ලබා දී තිබෙනවා.

ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් අද විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත කෙරෙන බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කියා සිටියේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha