ජනතාව බලාපොරොතු වෙච්ච හොඳ දෙයක් අලුත් ආණ්ඩුවෙන් කරන්න යයි..ක්‍රියාත්මක කලොත් මේවා සියල්ල නැති වෙයි..
මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසනවා.
සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් ලබන 25,26සහ 27 දිනවල පැවැත්වීමට නියමිතව ඇත.
එම ආරංචි මාර්ග සඳහන් කළේ, නවක මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳව එම වැඩමුළුවේදී පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් දැනුවත් කෙරෙනු ඇති බවයි.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාදීම මේ දක්වා කෙරුණු අතර එම පහසුකම ඉවත් කිරීමට අවධානය යොමු වී තිබේ.
මීට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව සැලසුනු අතර එයද බොහෝ දුරට ඉවත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ තීරු බදු රහිත වාහන බලපත්‍රයද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබ තිබේ.
පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසුවේ, වරප්‍රසාද සංශෝධනය කිරීමේදී එම කමිටු යෝජනාද සැලකිල්ලට ගැනෙනු ඇති බවයි.