අද පාර්ලිමේන්තුව රටටම වැදගත් පනතක් ගැන තීරණයක් ගන්න යයි..(LIVE)
Central Bank of Sri Lanka
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Mahinda Yapa Abeywardena
Sri Lanka Politician
By Aruna
අද පාර්ලිමේන්තුව උදෑසන 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙන පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද(7) විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව, පරාටේ නීතිය ලබන දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා මෙම පනත් කෙටුම් පතෙන් ප්‍රතිපාදන සැලසේ.
පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ, පාර්ලිමේන්තුව අද ( 7) අඟහරුවාදා සිට 10 වැනිදා සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බවයි.
මෙයට අමතරව බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පතද අද දින විවාදයට ගැනේ.
සජීවී විකාශනය පහතින් නරඹන්න,