අද පාර්ලිමේන්තුවේ කරන්න හදන දේ මෙන්න.

Report

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එය ආරම්භවීමට නියමිතව ඇත.

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතිය පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරෙනු ඇත.

විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය තීරණය කිරීම ද අද (09) දිනයේදී සිදුවනු ඇතැයි වාර්තා වේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ සිය ධූරයෙන් ඉවත් වන බවට ද ආරංචි මාර්ග පැතිර යමින් පවතිනවා.