එකවර මැති ඇමතිවරු 08 දෙනෙකුට වෙච්ච දේ.. ප්‍රභලයින් කිහිපයකුත් ඒ අතර.

Sri Lanka Lohan rathwaththe Chamal Rajapakshe Parliamentary Bandula gunawardhane
By Aruna Sep 10, 2021 03:58 AM GMT
Aruna

Aruna

Report

මැති ඇමතිවරු අට දෙනෙක් නිරෝධායනයට යොමු වී සිටිනවා. අමාත්‍ය චමල් රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන ලොහාන් රත්වත්තේ, ඩී.වී චානක, මන්ත්‍රීවරුන්වන එස් බී දිසානායක ,අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග සහ ඩයනා ගමගේ යන අය මෙම 08 දෙනායි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුන්ට කොවිඩ් ආසාදනයවීම නිසා මෙසේ නිරෝධායනයට යොමු ව එඉතිනවා.

සෙසු මැති ඇමැතිවරුන් නිරෝධායනයට යොමුවී සිටින්නේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීම නිසයි.

තමාගේ රියදුරෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා නිරෝධායනයට යොමුවූ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.

නිවසේ සේවකයකුට කොවිඩ් ආසාදනය වීම නිසා තමා නිරෝධායනයට යොමුවූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ.

තමාද නිරෝධායනයට යොමු වී සිටින බව ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා තහවුරු කළා.

චමල් රාජපක්ෂ මහතාගේ නිරෝධායන කාලය අදින් අවසන් වීමට නියමිතයි.

මෙම මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයේදී ඡන්දය පාවිච්චි කිරීමටද මේ හේතුවෙන් සහභාගී වුණේ නෑ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now