යළි ඡන්දෙ ඉල්ලන්න ලැජ්ජයි‘ දේශපාලනයෙන් අයින් විය යුතුයි..!

Report

මේ වෙන දේවල් වල හැටියට තමන්ට පාර්ලිමේන්තු එන්නට ලැජ්ජා හිතෙන බවද ඊළඟ පාර සිට දේශපාලනයෙන් අයින් විය යුතු බව ද සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)පැවසීය. 

 "ගෝඨා ගෝ හෝම්' කියා කෑ ගැසූ අය අද ජනපති ගේ ගෙදරට ම ගොස් ඇමතිකම් ලබා ගෙන ඇති බව කී දිගම්බරන් මහතා මෙවා මොනවාද කියා තමාට තේරෙන්නේ නැති බ  වද සඳහන් කළේය. මේ අය ගියේ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් යැයිද දිගම්බරන් මහතා සඳහන් කළේය.

වතුකරයේ තිබෙන වගා නොකළ ඉඩම් වගා කටයුතු කිරීම සඳහා එහි ජනතාවට බෙදා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද මෙහිදී පලනි දිගම්බරන් මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now