නෙදර්ලන්තය හමුවේ පාකිස්තානයට තියුණු ජයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (07) පැවති පළමු තරගයෙන් නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
අවසන් පන්දුවාරය දක්වා ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ, නෙදර්ලන්තයෙන් හිමිවූ ලකුණු 148ක ඉලක්කය කඩුලු 7ක් දැවී පන්දු 3ක් ඉතිරිව තිබියදී පාකිස්තානය අසීරුවෙන් පසුකර ගියේය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස්කිරීමට සමත් විය.
SSC ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්විණි.