අර්බුද මැද පකිස්ථානයෙන් මිසයිල අත්හදා බැලීමක්...

By Hashini May 06, 2025 07:05 AM GMT
Report

පාකිස්තානය සිය දෙවන මිසයිල අත්හදා බැලිම සිදු කර තිබෙනවා.

ඒ ජම්මු කාශ්මීර අර්බුදය මධ්‍යයේ වීමද විශේෂත්වයකි.

විදෙස් වාර්තා සඳහන් කලේ සිවිල් ආරක්ෂක අභ්‍යාස සඳහා සුදානම් වීමට ඉන්දියාව ද නියෝග කර ඇති බවයි.

ඉන්දියාව හා පාකිස්තානය යුද්ධයක අද්දරට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

එහි ප්‍රධානි ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහාන් කලේ මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන උපරිම සංයමයකින් යුතුව කරයුතු කල යුතු බවයි.

කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කර ගනිමින් ඉන්දියාව හා පාකිස්තානය අතර නිර්මාණය වූ නොසන්සුන්තාව මේ වන විට ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතිනවා. 

නවකවද සිදුවීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

නවකවද සිදුවීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට