නවකවද සිදුවීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

By Hashini May 06, 2025 06:36 AM GMT
Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවදය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව මෙම නවකවදය සිදුවීමට අදාළව මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් හා ඇමතිවරයෙක් අත්අඩංගුවට ?

හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් හා ඇමතිවරයෙක් අත්අඩංගුවට ?