පකිස්ථානයෙන් නොමිලෙ දුන්න අඹ රටවල් රැසක් එපා කියයි.

Sri Lanka United Kingdom Pakisthan mango Chaina Kanerda
By Aruna Jun 15, 2021 03:59 AM GMT
Aruna

Aruna

Report

  කොරෝනා වයිරස අවදානම සලකා බලමින් පාකිස්තානය මගින් මිත්‍රත්වය සනිටුහන් කරමින් එවන ලද අඹ පෙට්ටි ගණනාවක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක්ම පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

පාකිස්තානයේ විදේශ කාර්යාලය පසුගිය සතියේ බදාදා රටවල් 32 කට වැඩි ගණනක නායකයන්ට පලතුරු පෙට්ටි යවා ඇත.

ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් ජනපදය හා චීනය ඇතුළු රටවල් ගණනාවක් ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් අයිඑන්අයි (INI) පුවත් සේවය සඳහන් කර තිබේ.

කැනඩාව, නේපාලය, ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව ද මෙම ත්‍යාගය භාර ගැනීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර ඇති බවඑම වාර්තාවේ සඳහන් කර ඇත.

විදේශීය රටවල් සමග පවතින මිත්‍රත්වය තහවුරු කර ගැනීම සඳහා පකිස්තානය මෙලෙස වරින් වර පලතුරු පෙට්ටි විවිධ රටවලට ත්‍යාග ලෙස එවයි.

පාකිස්ථානය විසින් මෙලෙස අඹ පෙට්ටි ඉරානය, ගල්ෆ් රටවල්, තුර්කිය, එක්සත් රාජධානිය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ රුසියාව යන රටවලට ද යොමු කර ඇති බව එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now