ගුවන් සේවයකට වුණ දෙයක්?. මේ වගේ දෙයක් නම් හිතන්නවත් නැතුව ඇති.. ගුවන් ගමන් වලට කුමක් වෙයි ද?.

Pakistan Latest Headlines
By krishani Dec 26, 2023 02:45 PM GMT
krishani

krishani

Report

දකුණු ආසියාවේ ආර්ථික අර්බුදයට භයානක ලෙස මැදි වී සිටින ප්‍රධානතම රාජ්‍යයක් ලෙස පාකිස්ථානය සඳහන් කළ හැකිය.

ගුවන් සේවයකට වුණ දෙයක්?. මේ වගේ දෙයක් නම් හිතන්නවත් නැතුව ඇති.. ගුවන් ගමන් වලට කුමක් වෙයි ද?. | Pakistan Airlines

ඒ ශ්‍රී ලංකාව හැරුණු විට දෙවන ස්ථානයට යි.

ඒ අනුව පකිස්ථානය දැඩි ආර්ථික අර්බුදයකට මැදී වී සිටින අතර දැවැන්ත විදේශ විනිමය අර්බුදයකටද මුහුණ දී සිටියි.

පකිස්තානයේ මේ වන විට අත්‍යවශ්‍යය භාණ්ඩ හිගය, රජයේ ආයතනවල වැටුප් ගෙවීම ආදිය වැනි බරපතල ප්‍රශ්න ඇති වී තිබෙනවා.

ඒ අනුව එරට රාජ්‍ය ආයතන අතර ප්‍රධාන තැනක් ගන්නේ PIA හෙවත් පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවය වේ.

පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයේ 7,000 ක් පමණ වන එහි ශ්‍රම බලකායට නොවැම්බර් සඳහා වැටුප් ගෙවීමට තවමත් අසමත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ගුවන් සමාගමේ සේවක සංගමයේ සභාපති හිදයිතුල්ලා කාන් විසින් බරපතල චෝදනාවක් ද එල්ල කර ඇත.

ඒ පාකිස්ථාන ගුවන් සේවයේ කළමනාකාරීත්වය විසින් හිතාමතා වැටුප් ප්‍රමාද කරන බවත් මෑත දී ගුවන් සමාගම මුහුණ දුන් ඉන්ධන අර්බුදයේ දී රජය හිතාමතා ගැටලුව උග්‍ර කිරීමට කටයුතු කළ බවත් ය.

ගුවන් සේවයකට වුණ දෙයක්?. මේ වගේ දෙයක් නම් හිතන්නවත් නැතුව ඇති.. ගුවන් ගමන් වලට කුමක් වෙයි ද?. | Pakistan Airlines

කෙසේ වෙතත්, එයට හේතුව රටේ ආර්ථික අර්බුදය බව වැටුප් ප්‍රමාදය තහවුරු කරමින් පාකිස්ථාන ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.

වැඩිදුරටත් ඔහු සඳහන් කර ඇත්තේ වැටුප් ලබා දීම සඳහා විකල්ප මාර්ග හරහා අරමුදල් ලබා ගැනීමට උත්සාහ කරමින් පවතින බවත් ඉදිරි දින කිහිපය තුළ සියලුම සේවකයින්ට ඔවුන්ගේ වැටුප් ලැබෙනු ඇති බවත් ය.

 

ReeCha