හිටි හැටියේ නැතිවූ පඬු කරඳ ගස තිබෙන තැන..?

Sri Lanka
By Sewvandhi Jul 12, 2023 05:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගම්පහ දාරළුව පිහිටි 'පඬු කරඳ' හෙවත් කෲඩියා සිලනිකා නම් ගස හදිසියේම එම ස්ථානයෙන් ඉවත් කර තිබුණි.

පසුගිය 10 වනදා පස්වරුවේ පැමිණි කණ්ඩායමක් මිනිත්තු විස්සක වැනි කාලයක් ඇතුළත එම ගස ඉවත් කරගෙන ගිය බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

එනම්, මෙම පඬු කරඳ ගස 2021 පෙබරවාරි මාසයේදී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කෙරුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක් බව පවසමිනි.

කෙසේවෙතත් මේ වනවිට අදාළ ස්ථානයෙන් අතුරුදන් කර ඇති එම ගස ඊට යාබද ස්ථානයක වළ දමා ඇති බවට භික්ෂුන්වහන්සේ පිරිසක් චෝදනා කර තිබේ. ඒ අනුව අදාළ ස්ථානයේ සෝදිසි කිරීමක් ද සිදුකෙරුණි.  

ReeCha