බිත්තර වී ගොවිපළවල වී වගාව සඳහා නව රක්ෂණ සැලසුමක්
බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර තිබේ.
ඒ අනුව වගා කරන ලද බිත්තර වී වගාවට ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත්, වන අලි හානි වලින් සිදුවන හානි සඳහා ආවරණය කර ඇති අතර අක්කර 01ක් සඳහා කන්නයකට රු.13,600/- වාරික මුදලක් ගෙවීමෙන් අක්කරයකට රු.180,000 වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාව ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ ලියාපදිංචි වී තිබීම මෙම බිත්තර වී ගොවිපළවලට රක්ෂණාවරණ ලබා ගැනීමේදී අනිවාර්‍යෙන් සළකා බලනු ලබයි.
මෙම රක්ෂණ සැලසුමෙහි මූලික අරමුණ ලෙස සැළකෙන්නේ බිත්තර වී නිෂ්පාදනය දිරිමත් කිරීම තුළින් ගොවියා වගාව තුළ රඳවා ගැනීම වේ .