මුරකරුවන් ගැටගසා කෝටියකට වැඩි දේපොළ පැහැරගෙන ගිහින්

Report

පුස්සැල්ලාව වැවලි සමාගමට අයත් කොස්ගම සාලාව වත්තට ගිනි අවියක් සහ තියුණු ආයුධ රැගෙන අද (08) අලුයම ඇතුලු වූ පුද්ගලයින් 06 දෙනෙකු විසින් එහි සිටි මුරකරුවන් දෙදෙනා ගැට ගසා වතු අධිකාරීවරයාට අයත් රුපියල් කෝටියකට වැඩි දේපල පැහැරගෙන ගොස් ඇතැයි කොස්ගම පොලිසිය සදහන් කර ඇත .

කොල්ල කා ගෙන ගොස් ඇති දේපල අතර ලැප්ටොප් වර්ගයේ පරිගණක 04 ක් රුපියල් ලක්ෂ 25 ක් පමණ වන රන් මාලයක්, මුද්දක් සහ රන් බිස්කට්ටුවක් ජංගම දුරකතන දෙකක් සහ වතු අධිකාරිවරයාට අයත් මිට්සුබිෂි වර්ගයේ කැබ් රථයකි පොලීසිය සදහන් කරන්නේ සැකකරුවන් වතු අධිකාරී නිවසට ඇතුලු වී මුරකරුගේ හිසට ගිනි අවියක් තබා ඔවුන් ගැටගසා දමා පසුව දේපල රැගෙන නිවස ඉදිරිපිට නවතා තිබූ කැබි රථයෙන් පලා ගොස් ඇති බවයි .

තව දුරටත් ඩොලරයට බාල්දු වෙන රුපියල

තව දුරටත් ඩොලරයට බාල්දු වෙන රුපියල

කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි