ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්[VIDEO]

Report

තමන් ආණ්ඩුවට සම්බන්ධ වීමට සූදානම් වන බවට දේශපාලන කරළියේ පැතිර යන කටකතා සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින් සමාජ මාධ්‍යට වීඩියෝ පටයක් මුදා හැර ඇත.

ඒ අනුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කළේ, සිය දේශපාලන හැසිරීම වැරදි ආකාරයට අර්ථකථනය කරමින් තම අනාගතය පිළිබඳව අනවශ්‍ය කටකතා නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දරන බවයි.

කෙසේ වෙතත් රජය තමන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට උත්සාහ කිරීම ධනාත්මක කරුණක් වශයෙන් තමන් දැක්කද, තමන් සැමවිටම අනුගමනය කරන්නේ ස්වාධීන දේශපාලන ප්‍රවේශයක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී පවසයි.

උගන්ඩාවෙන් ඩොලර් ගේන්න ගිහින් භාණ්ඩාගාරයේ ඩොලර් ටිකත් නැති කරගෙන - ගයන්තගෙන් ආණ්ඩුවට මරු පහරක්

උගන්ඩාවෙන් ඩොලර් ගේන්න ගිහින් භාණ්ඩාගාරයේ ඩොලර් ටිකත් නැති කරගෙන - ගයන්තගෙන් ආණ්ඩුවට මරු පහරක්

එමෙන්ම නිවැරදි දේ නිවැරදි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් ප්‍රකාශ කිරීම තම දේශපාලන ප්‍රතිපත්තිය බව ඔහු වැඩිදුරටත් පවසයි.

තවද එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා වශයෙන් තමන් කටයුතු කරන ආකාරය පිළිබඳව ඇතැම් පුද්ගලයන් අමනාපයෙන් පසුවන බව‍යි.

කෙසේ වුවත් තම හඬ පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී අවදි කරන බව පවසමින් ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැනි කටකතාවලට හසු නොවන ලෙසයි. 

ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ ඇප අවලංගුයි? ඇප තියන්න ආපු දෙන්නත් අත්අඩංගුවේ

ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ ඇප අවලංගුයි? ඇප තියන්න ආපු දෙන්නත් අත්අඩංගුවේ