බෙඩ්‍රියා අවුරුදු 12 ක් දුටු දරු සිහිනය සැබෑ කරමින් පස් නිවුන් දරු උපතක්
ඉතියෝපියාවේ හරාරි ප්‍රාදේශීය ප්‍රාන්තයේ කාන්තාවක් වසර 12 ක් දරුවෙකු අපේක්ෂාවෙන් සිට දුර්ලභ පස් නිවුන් දරුවන් බිහි කර තිබේ.
බෙඩ්‍රියා ඇඩම් පැවසුවේ තමා සහ ඇගේ සැමියා එකවර දරුවන් පස් දෙනෙකුගේ ආශිර්වාදය ලැබීම ගැන අතිශයින් සතුටු වුණ බවයි .
35 හැවිරිදි ඇය හිවොට් ෆානා විශේෂිත රෝහලේදී පිරිමි ළමයින් හතර දෙනෙකු සහ ගැහැණු ළමයෙකු ප්‍රසූත කළ අතර, ඔවුන් සියල්ලන්ම සම්පූර්ණ සෞඛ්‍ය තත්වයෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර තිබේ.
මට මගේ සතුට වචනවලින් ප්‍රකාශ කළ නොහැක ඇය විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ ඇගේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙන තුරු ඇය මානසික අවපීඩනයෙන් හා වේදනාවෙන් පිරී සිටි ආකාරය සිහිපත් කරමිනි.
රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් නූර් අබ්දුලාහි පැවසුවේ මව සහ ළදරුවන් රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර යටතේ රැඳී සිටි බවයි.
ළදරුවන්ගේ බර කිලෝග්‍රෑම් 1.3 ත් 1.4 ත් අතර (රාත්තල් 3) කි. කිලෝග්‍රෑම් එකකට වඩා බරින් යුත් අලුත උපන් බිළිඳුන්ට දිවි ගලවා ගැනීමට සහ නිරෝගී වර්ධනයක් සඳහා ඉහළ අවස්ථාවක් ඇති බවයි.