හරීන්ගේ දේශපාලන ගමන ආගම්වාදයෙන් ඇවිළෙයි? ස්ටාලින්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්

Report

මෙතෙක් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනය කේන්ද්‍ර කරගෙන සිය දේශපාලන කටයුතු යළි ආරම්භ කිරීමේ උත්සාහයකදී ආගම්වාදය පතුරුවන ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ, 1960 පාසල් රජයට පවරා ගැනීමේ නීතිමය ප්‍රතිපාදන යටතේ රජයට පවරාගත් පාසල්වල විදුහල්පතිවරුන් අදාළ ආගමික නිකායට අනුව පත්කළ යුතු බවට කිසිදු නීතිමය වගන්තියක් නොමැති බවයි.

ලොරිස් නිවාසවල ඉන්න 'බලවතුන්' කවුද? තොරතුරු දෙන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය බෑ කියයි

ලොරිස් නිවාසවල ඉන්න 'බලවතුන්' කවුද? තොරතුරු දෙන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය බෑ කියයි

එවැනි තත්ත්වයක් තුළ, වත්තල නායකකන්ද යහපත් එඩේරාගේ බාලිකා මහා විද්‍යාලයට කතෝලික නොවන විදුහල්පතිනියක් පත්කර ඇතැයි පවසමින් හරීන් ප්‍රනාන්දු මහතා වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් ආගම්වාදී මතයක් ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බවද ස්ටාලින් මහතා පැවසීය.

මෙම ප්‍රකාශ හරීන් ප්‍රනාන්දු මහතා විසින් මැයි 06 වැනිදා බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සිදුකර ඇති බව සඳහන් වේ.

ජෝශප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැහැදිලි කළේ, අදාළ විද්‍යාලයේ විදුහල්පති පුරප්පාඩුව සඳහා නිසි පරිදි අයදුම්පත් කැඳවා, සුදුසුකම් සලකා බැලීමෙන් පසු එම විදුහල්පතිනිය 2026 මාර්තු 12 වැනිදා සේවයට පත්කර ඇති බවයි. 

ශ්‍රී ලංකාවට යළිත් 'Grey List' අවදානමක්

ශ්‍රී ලංකාවට යළිත් 'Grey List' අවදානමක්