ශ්‍රීලන්කන් හිටපු CEO සියදිවි හානි කරගනී [UPDATE] [VIDEO]

Report

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසකදී හමුවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සියදිවි නසා ගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවය.

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් තිබූ අතර, එම නඩුවේදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී දින දෙකකට පෙර ඇප මත මුදාහැර තිබුණි.

කෙසේ වෙතත්, ඔහුට ඇප ලබාදීමේදී අධිකරණයට ඉදිරිපත් කළ ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ව්‍යාජ පුද්ගලයන් බව පසුව අනාවරණය විය. ඔවුන් කපිල චන්ද්‍රසේනගේ සමීප ඥාතීන් ලෙස පෙනී සිට ඇති අතර, ඒ සඳහා එක් අයෙකුට රුපියල් 15,000 බැගින් මුදල් ලබාදී ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ.

කපිල චන්ද්‍රසේනට නියම කර තිබූ ඇප කොන්දේසි අනුව, සමීප ඥාතීන් තිදෙනෙකු ඇපකරුවන් ලෙස ඉදිරිපත් කළ යුතු විය. මෙම සිද්ධිය සැලකිල්ලට ගනිමින්, ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සහ අධිකරණයේ විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (08) නියෝග කර තිබුණි.

ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගැනීමට නියෝග

ඇප මත මුදාහැර සිටි කපිල චන්ද්‍රසේන නැවත අත්අඩංගුවට ගැනීමට නියෝග

ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ ඇප අවලංගුයි? ඇප තියන්න ආපු දෙන්නත් අත්අඩංගුවේ

ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ ඇප අවලංගුයි? ඇප තියන්න ආපු දෙන්නත් අත්අඩංගුවේ